― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉංජිනේරු සිසුවා කඩ කාමරයක නොඑන ගමන් යයි

ඉංජිනේරු සිසුවා කඩ කාමරයක නොඑන ගමන් යයි

ගලෙන්බිඳුණුවැව, හතර ඇළ, ගෝමරන්කල්ල ප්‍රදේශයේදී ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 37ක ඉංජිනේරුවරයෙක් බවයි ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගැනීමට පෙර ඊයේ (15) උදෑසන තම ෆේස්බුක් ගිණුමේ සුදුකොඩියක ඡායාරූපයක් ද පළකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය දුටු ඔහුගේ මිතුරන් සහ ඥාතීන් මේ සම්බන්ධයෙන් සොයාබැලීමේදී ඔහුගේ නිවස ඉදිරිපිට ඇති කඩ කාමරයේ එල්ලී සියදිවි හානිකරගෙන තිබියදී සොයාගෙන තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමටයි ඥාතීන් කටයුතු කර ඇත්තේ.

මෘත ශරීරය ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රාදේශීය රෝහලට යොමුකර ඇති අතර ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.