― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsට්‍රම්ප් මැතිවරණ සටනේ පළමු ජය ලබයි

ට්‍රම්ප් මැතිවරණ සටනේ පළමු ජය ලබයි

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පැවැති රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණය ජය ගැනීමට හිටපු ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් සමත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ සඳහා පක්ෂ අපේක්ෂකයින් තෝරාපත් කරගැනීමේ පළමු අදියර ඊයේ (15) එරට අයෝවා ප්‍රාන්තයෙන් ආරම්භ වූ බවයි.

ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ඡන්ද විමසීමේ දෙවැනි ස්ථාන දිනාගෙන ඇති අතර ඔහු සහ අපේක්ෂක නිකී හේලි අතර දෙවැනි ස්ථානය සඳහා තියුණු තරගයක් පැවතුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු ජනාධිපතිවරණය මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිතය.