26.1 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතේ පොහොර මිල පහළට

තේ පොහොර මිල පහළට

තේ වගාව සඳහා භාවිතා කරන පොහොර වර්ගවල මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ T 750, T 709 සහ T 200 යන පොහොර වර්ග සියල්ලෙහිම මිල රුපියල් 2,000කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

දැනට වෙළඳපොළේ ඉහත සඳහන් පොහොර වර්ග මිටියක මිල රුපියල් 13,000 ඉක්මවා ගොස් ඇති අතර ඒ අනුව දැනට වෙළෙඳපොළ තුළ පවතින තේ පොහොර මිලට වඩා සියයට 50කින් මිල අඩුවීමට නියමිතය.

රජයට අයත් පොහොර සමාගම් විසින් නිපදවනු ලබන තේ වගාව සඳහා විශේෂිත පොහොර උසස්ම ප්‍රමිතියෙන් යුක්ත වන නිසා එම පොහොර ලබාදෙන ලෙසයි නියෝජිතයින් අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ.

මෙම රුපියල් 2,000ක පොහොර සහනය සඳහා අමතරව වැයවන මුදල රුපියල් මිලියන 1200ක් වන අතර එම මුදල් ප්‍රමාණය තේ මණ්ඩලය විසින් දැරීමට නියමිතය.