― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එකාබද්ධව ඊයේ (16) පෙරවරු 6.30ට ආරම්භ කළ වැඩ වර්ජනය අද (17) පෙරවරු 8.00ට තාවකාලිකව අවසන් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ ඊයේ (17) දහවල් සෞඛ්‍ය බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථක බවයි.

කෙසේ වෙතත් මෙහිදී සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය යෝජනාව රජය විසින් පිළිගත් බව සඳහන් කළ ඔහු ඒ සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා ජනාධිපතිවරයා යළි මව්බිමට පැමිණෙන තුරු සෞඛ්‍ය බලධාරීන් කල් ඉල්ලා ඇති බව ද සඳහන් කර සිටියා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනාවට යහපත් ප්‍රතිචාර නොලැබුන හොත් දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා එළඹෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර හෙට (18) දිනයේ දී සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් කැඳවීමට ද තීරණය කර ඇති බව වාර්තා වනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ඊයේ (16) ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල කටයුතු අඩාල වුණා.

මේ හේතුවෙන් ප්‍රථිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වීමටයි සිදුවුණේ. මේ අතර රෝහල්වල ඇතැම් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කිරීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතු වුණා.