දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය මෙලෙස පහළ ගොස් ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කළේ.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවත් පෙණහළු ආශ්රිත රෝග හා හතිය වැනි රෝග පවතින පුද්ගලයින් එළමහනේදී මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බවත් හෙතෙම වැඩිදුරටත් අවධරාණය කළේය.