25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසා දැමුණු යාල වනෝද්‍යානය යළි විවෘත වෙයි

වසා දැමුණු යාල වනෝද්‍යානය යළි විවෘත වෙයි

තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික වනෝද්‍යානය ඊයේ (16) යළි විවෘත කර තිබෙනවා.

යාල වනෝද්‍යානය තුළ පිහිටි වැව්, පොකුණු, විල්ලු හා මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් 75%ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යට වීම හේතුවෙනුයි මෙලෙස වනෝද්‍යානය වසා දැමුණේ.

යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න පැවසුවේ දින කිහිපයක සිට පැවති වියළි කාලගුණික තත්වය මත උද්‍යාන භූමියේ තිබූ ජලය බැස යාම යාල වනෝද්‍යානයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම් දෙක ඇතුළු සියලු මාර්ග හා යාල උද්‍යානය තුළ පිහිටි සංචාරක නිවාඩු නිකේතන සියල්ලද යළි සංචාරකයන් සඳහා විවෘත කළ බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගංවතුරට පෙර තිබූ තත්ත්වයට යාල උද්‍යානය පත්කරන්නට මේ වසරම ගතවන බවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඇතිව යාල ජාතික උද්‍යානයේ කැඩී බිඳී ගිය මාර්ග යථා තත්ත්වයට පත් කරන බවත්ය.