― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආදරය පෙන්වා තරුණියකට හදි කළ තරුණයා සොයා විමර්ශන

ආදරය පෙන්වා තරුණියකට හදි කළ තරුණයා සොයා විමර්ශන

ආදරය කරන මුවාවෙන් තරුණියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ අවුරුදු 19ක තරුණියක් බවයි.

මෙම සිද්ධියෙන් පසු ඇති වූ දැඩි කම්පනය හේතුවෙන් කිසියම් පෙති වර්ගයක් පානය කර ඇය මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

නවගත්තේගම නගරයේ පුද්ගලික ආයතනයක සේවය කරන මෙම තරුණිය මිත්තණිය සමඟ කුලී පදනම මත එම ප්‍රදේශයේ කාමරයක නවාතැන් ගෙන සිට තිබෙනවා.

ඇය පසුගිය දිනක අවශ්‍යතාවයක් සඳහා මුදල් ලබාගැනීමට ආණමඩුව නගරයට පැමිණෙන අවස්ථාවේදී අදාළ තරුණයාව හඳුනාගෙන තිබෙනවා.

එලෙස දැන හඳුනාගත් පසු දෙදෙනා කලක් ඇසුරු කර ඇති අතර පසුගිය දිනක තරුණයා විසින් තරුණියට පවසා ඇත්තේ තමන් ඇයට දැඩිව ආදරය කරන බවයි.

ඒ පිළිබඳව කතාබස් කර ගැනීම සඳහා පසුගිය 15 වනදා (පෙරේදා) දින තමන්ව හමුවීමට පැමිණෙන ලෙස තරුණයා තරුණියට පවසා තිබෙනවා.

එලෙස පැමිණි තරුණියව ආණමඩුව නගරයේ වැව රවුමට කැදවාගෙන ගොස් ඇති තරුණයා එහිදී ඇයට අතවර කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව නිවසට පැමිණ ඇති තරුණිය සිදුවූ සිද්ධිය පිළිබඳව පියාට පවසා ඇති අතර අනතුරුව ඇය නාන කාමරයට ගොස් එහි තිබූ කිසියම් පෙති වර්ගයක් පානය කර තිබෙනවා.

අනතුරුව තරුණියගේ මව්පියන් විසින් ඇයව ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.