― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපන්තියේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරුන් 51කට වැඩ වරදී

පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරුන් 51කට වැඩ වරදී

මුදලට පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් පාසල්වලට මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මධ්‍යම පළාතේ පාසල්වල සිය පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පන්ති නොපවත්වන ලෙස දන්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් චක්‍රලේඛයක් ද නිකුත් කළා.

එම චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරන ගුරුවරුන්ව මෙලෙස වෙනත් පාසල්වලට මාරුකර යැවීමට පියවර ගත් බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර මෙලෙස පන්නි පවත්වන ගුරුවරුන් සහ ස්ථාන වැටලීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් පරිදි විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා.