― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරුසියා - යුක්‍රේන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

රුසියා – යුක්‍රේන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

රුසියාව සහ යුක්‍රේනය අතර ඊයේ පැවති තුන්වන වටයේ සාම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ‍, සිව්වැනි සාකච්ඡා වටයක් අද බෙලරුස්හිදී පැවැත්වීමට නියමිත වන බවයි.

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ආරම්භ කර දින 12 ක් ගතව තිබේ.

මේ වන විටත් රුසියාව විසින් දිගින් දිගටම යු‍ක්‍රේනයේ නගර වෙත ෂෙල් වෙඩි ප්‍රහාර, හා මිසයිල ඇතුළුව ප්‍රහාර දියත් කරමින් සිටී.

යුක්‍රේනයේ ඓතිහාසික නගරයක් වන එරට දකුණු දිග ඔඩෙස්සා වරාය නගරයෙන් විශාල පිපිරුම් හඬක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහෙත් යුක්‍රේනය ප්‍රකාශ කළේ, සැලකිය යුතු හානියක් සිදු කරමින් රුසියානු බල ඇණියකට පහර දුන් බවයි.

ඔඩෙස්සා වරාය ප්‍රහාරයකට සූදානම් වීමට රුසියානු නැව්, නැවත ස්ථානගත කර ඇති බවට අනතුරු ඇඟවීම් සමග පැයකට වැඩි කාලයක් සයිරන් නළා නාද වී තිබේ.

මේ වන විට යුද ගැටුම්වලින් යුක්‍රේන වැසියන් 406 දෙනෙකු මියගාස් ඇති අතර 1200ක් පමණ තුවාල ලබා ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

යුක්‍රේන වැසියන් මිලියන 1.5 කට වැඩි පිරිසක් මේ වන විට යුක්රේනයෙන් පලා ගොස් ඇතැයි වාර්තා වේ.

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වුවත් ,නගරවලින් සිවිල් වැසියන් ඉවත් කිරීම වළක්වන බව යුක්‍රේනය ප්‍රකාශ කළේ ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය මෙය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුද ගැටුම් ඇරඹ් දා සිට යුක්‍රේනයේ සෞඛ්‍ය සේවා පහසුකම් සහ කාර්ය මණ්ඩලවලට එල්ල වූ ප්‍රහාර 16ක් තහවුරු වී ඇති බවයි.

එම ප්‍රහාරවලින් සෞඛ්‍ය සේවකයින් 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 9 දෙනෙකු මියගොස්, 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන් ය.

ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් කළ එම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ය.