26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති අද නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතයි

ජනපති අද නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි.

අද (19) සහ හෙට (20) යන දෙදින තුළ උගන්ඩාවේ කම්පාලා නුවර දී නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙනවා.

මෙම සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) ස්විස්ටර්ලන්තයේ සිට උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ තිබුණා.

මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ ‘හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම’ යන්නයි.