― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදාහැරීමේ සූදානමක්

පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදාහැරීමේ සූදානමක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කන්ටේනර් 32ක් වරායෙන් මුදා ගැනීමට අනුමැතිය ලබාදීම සඳහා පාරිභෝගික අධිකාරියේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ සත්ත්ව ආහාර සඳහා ලබා දීමට බව පවසමින් මෙම සහල් තොගය මුදා හැර වෙළදපොළේ ඇති සහල් සමඟ කළවම් කර අලෙවි කරන ජාවාරම්කරුවන් මෙම සිදුවීම පිටුපස සිටින බවයි.

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය හදිසියේම අද (19) දිනයේ කැඳවා ඇත්තේද එම සහල් තොගය මුදා ගැනීමට සඳහා සහයෝගය ලබා දීමට බවයි සභාපතිවරයා චෝදනා කරන්නේ.