29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිසබෙන් ලංවිමට කෝටි 07ක පොල්ලක්

මැතිසබෙන් ලංවිමට කෝටි 07ක පොල්ලක්

පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 07කට අධික බිලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (22) පැවති අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, විදුලිබල පනත හා පසුගියදා පැවති උද්ඝෝෂණයකට සහභාගි වූ විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින් මෙම අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් සංවිධාන කර තිබුණා.

මෙම අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනට බැංකු, වරාය, තැපැල්, දුම්රිය, ටෙලිකොම් හා ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමිති රැසක නායකයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.