― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඔන්ලයින් පනත හෙට, අනිද්දා විවාදයට

ඔන්ලයින් පනත හෙට, අනිද්දා විවාදයට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව පනත් කෙටුම්පත සම්මත කිරීම අනිද්දා (24) පස්වරුවේ සිදු කෙරෙන අතර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝදුරට ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

මෙම පනත් කෙටුම්පත සලකා බැලෙන අවස්ථාවේදී සංශෝධන ගණනාවක් ඊට ඇතුළත් කෙරෙනු ඇතැයි ද වාර්තා වෙයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම පනත් කෙටුම්පත කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කර තිබුණි.