― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපළාත් රැසකට වැසි රහිත කාලගුණයක්

පළාත් රැසකට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ පළාත් රැසක අද (24) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමි එම දෙපාර්තමේන්තුව පවසන්නේ හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.