― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවනඅලි ප්‍රහාරයෙන් වෙළෙන්ඳෙක් ජීවිතක්ෂයට

වනඅලි ප්‍රහාරයෙන් වෙළෙන්ඳෙක් ජීවිතක්ෂයට

වාලච්චේන, සිටි වැලිකන්ද සෙවණපිටිය නගරය අසළ බදාදා පොලේ වෙළඳාමට පැමිණෙමින් සිටි වෙළෙන්දෙකු අද (24) අලුයම 4ට පමණ වන අලියෙක් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ හයදරු පියෙකු වන 48 හැවිරිදි මුරුගේසු මූනියන්දි නම් වාලච්චේන කුරින්දි නගර්, විනයාගිපුරම් ලිපිනයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු තම පවුල සමඟ සෙවණපිටිය පොලට ප්ලාස්ටික් භාණ්ඩ සහ තවත් භාණ්ඩ තොගයක් විකිණීමට පැමිණ ඇති අතර එහිදී වන අලි ප්‍රහාරයට මුහුණ පා මනම්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදීයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.