31.7 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනඅලි ප්‍රහාරයෙන් වෙළෙන්ඳෙක් ජීවිතක්ෂයට

වනඅලි ප්‍රහාරයෙන් වෙළෙන්ඳෙක් ජීවිතක්ෂයට

වාලච්චේන, සිටි වැලිකන්ද සෙවණපිටිය නගරය අසළ බදාදා පොලේ වෙළඳාමට පැමිණෙමින් සිටි වෙළෙන්දෙකු අද (24) අලුයම 4ට පමණ වන අලියෙක් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ හයදරු පියෙකු වන 48 හැවිරිදි මුරුගේසු මූනියන්දි නම් වාලච්චේන කුරින්දි නගර්, විනයාගිපුරම් ලිපිනයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු තම පවුල සමඟ සෙවණපිටිය පොලට ප්ලාස්ටික් භාණ්ඩ සහ තවත් භාණ්ඩ තොගයක් විකිණීමට පැමිණ ඇති අතර එහිදී වන අලි ප්‍රහාරයට මුහුණ පා මනම්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදීයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.