― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනැගෙනහිර හමුදා ඉඩම් අක්කර 37,955ක් හිමිකරුවන්ට

නැගෙනහිර හමුදා ඉඩම් අක්කර 37,955ක් හිමිකරුවන්ට

නැගෙනහිර පළාතේ යුධ හමුදාව යටතේ පැවති ඉඩම් අක්කර 44,980 න් අක්කර 37,955ක් මේ වනවිට හිමිකරුවන් වෙත නිදහස් කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේදී මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම පළාතේ හමුදාව යටතේ දැන් තියෙන්නෙඅක්කර හත්ද හස් තුන්සිය හැත්තෑ නවයක් පමණයි. ඒ අතර පෞද්ගලික ඉඩම් අක්කර තිස් හතයි දශම අටක් තියෙනවා. එම ප්‍රමාණයෙන් අක්කර අටක් මෙම වසරේදී නිදස් කරනවා.”