― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසනත් නිශාන්තගේ පුරප්පාඩුවට ජගත් පත් කෙරේ

සනත් නිශාන්තගේ පුරප්පාඩුවට ජගත් පත් කෙරේ

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර සුදුසුකම් ලබා තිබෙනවා.

අද (25) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් විය.

සනත් නිශාන්ත හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ ආදි සිසු‍වෙකි. 1975 මැයි මස 03 වැනිදා හලාවතදී උපත ලැබූ සනත් නිශාන්ත 1997 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රා‍දේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරනු ලැබීය. එම ප්‍රා‍දේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කර සභාපතිවරයා බවට පත්වූ සරත් හේමචන්ද්‍රගේ ඝාතනයෙන් අනතුරුව සනත් නිශාන්තට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කරන්නට හැකියාව ලැබිණි.

2010 මැයි මස 31 වැනිදා වයඹ පළාත් සභාවේ ධීවර, මහාමාර්ග, විදුලිබල අමාත්‍යවරයා ලෙස ද ඔහු පත් විය.

අනතුරුව පැවති වයඹ පළාත් සභා මැතිවරණයේදී මනාප ඡන්ද 62,996ක් ලබා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට හෙතෙම පත් වී නැවත පෙර අමාත්‍ය ධුරයටම පත් විය.

මිය යන විට සනත් නිශාන්ත වත්මන් රජයේ ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ඊයේ (24) රාත්‍රියේ හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා යමින් සිටින අතරතුර කටුනායක – ‍කොළඹ අධිවේගී මාර්ගයේදී සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුර සිදු වුණා.

නීතිඥ චමරි පෙරේරා සමඟ විවාහ වී සිටින සනත් නිශාන්ත දියණියන් තිදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙකි.