කටුනායක දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රැගත් ජීප් රථය ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී අද (25) අලුයම සිදු වූ රිය අනතුරෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත් වුණා.
මේ සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.