30.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් ලොක්කන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් ලොක්කන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රවාහන හා සංදේශ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ. කඩුපිටිය බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.

යාපනය දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එම්.සෙනරත් ප්‍රවාහන හා සංදේශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ.ජයසිංහ යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (24) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසන්නේ.