― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන්

තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන්

තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන් වෙමින් ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසය.

කැලණිතිස්ස බලාගාරයේ ඩීසල් සීඝ්‍රයෙන් පහළ යමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

එම බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතිය එක් කරන ධාරිතාව මෙගාවොට් 149 කි.

මීට අමතරව කොළොන්නාව , මතුගම සහ තුල්හිරිය ඇතුළු විදුලි බලාගාර රැසකට මෙතෙක් ඉන්ධන ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි විදුලි බල
මණ්ඩලය පෙන්වා දෙයි.

මේ අතර , අදත් පැය 03 කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරිමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දුන්නේ ය.

ඒ අනුව අද (09) පෙරවරු 8 සිට සවස 6 අතර කාලය තුළ A,B,C,D,E,F,G,H,I,J ප්‍රදේශවලට පැය දෙකහමාරක් සහ සවස 6 සිට රාත්‍රී 11 අතර පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව
මහජන උපයෝගීතා කොමිෂන් සභාව(PUCSL) පවසයි.

මේ අතර P,Q,R,S,T,U,V,W ප්‍රදේශවලට පෙ.ව. 9 සිට සවස 5 අතර පැය 2ක් සහ සවස 5 සිට රාත්‍රි 9 දක්වා පැයක් විදුලිය කප්පාදු කෙරේ.