― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsප්‍රංශ ජනපති අද ඉන්දියාවට

ප්‍රංශ ජනපති අද ඉන්දියාවට

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අද (25) ඉන්දියාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

75 වන ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මෝදිගේ ආරාධනය මතයි ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන්නේ.

ඒ අනුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රාජස්ථානයේ ජායිපූර් වෙත ගොඩබසිනු ඇති.

ඉන්පසුව ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දීය අගමැති මෝදි සමගින් ස්ථාන කිහිපයක සංචාරයක නිරතවීමට නියමිත අතර සංදර්ශනයක් නැරඹීම සඳහාද එක්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.