27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිග් බෑෂ් කිරුළ බ්‍රිස්බේන් කණ්ඩායමට

බිග් බෑෂ් කිරුළ බ්‍රිස්බේන් කණ්ඩායමට

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023/24 ශූරතාව හිමි කර ගැනීමට බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ අවසන් මහා තරගයෙන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ලකුණු 54 කින් පරාජය කරමින් බ්‍රිස්බේන් හීට් ක්‍රීඩකයෝ එම කිරුළ දිනා ගත්හ.

බ්‍රිස්බේන් කණ්ඩායම අවසන් වරට මෙකී ශූරතාව දිනාගෙන තිබුණේ 2012-13 අදියරේ දී යි.

සිඩ්නි හිදී පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ්‍රිස්බේන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 166 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායමට පන්දුවාර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි.