― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබෙලිඅත්තේ ඝාතනයට ඇල්ලූ දෙදෙනා ගැන තොරතුරු එළියට

බෙලිඅත්තේ ඝාතනයට ඇල්ලූ දෙදෙනා ගැන තොරතුරු එළියට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශයක සිට අදාළ අපරාධය මෙහෙයවූ පුද්ගලයන් සමග සම්බන්ධ වෙමින් ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

ඊයේ අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුවයි මාගාල්ල සහ වංචාවල ප්‍රදේශයේ වැටලීම සිදු කර තිබුණේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වංචාවල සහ මාගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 35 වයස්වල පසුවන දෙදෙනෙක්. මාගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 25 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 100ක්, ඝාතනයට ඔත්තු බැලීම වෙනුවෙන් යොදා ගත් යතුරුපැදිය සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

වංචාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 200ක්, ජංගම දුරකථන දෙකක් සහ උල් පිහියක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලිසියට භාරදීමට පියවර ගෙන තිබෙනවා.