26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමුදා සෙබළෙකුගේ සිරුර පොකුණකින් හමුවෙයි

හමුදා සෙබළෙකුගේ සිරුර පොකුණකින් හමුවෙයි

හොරණ, දොඹගොඩ යුද හමුදා කඳවුරේ පොකුණක තිබී සෙබළෙකුගේ මළ සිරුරක් අද (29) උදෑසන හමුව ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 7 වන යුද හමුදා යුදෝපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.එම්.ටී. ලක්ෂ්මන් නැමැති අයෙක්.

ජීවිතක්ෂයට පත් වූ සෙබළා ඊයේ (28) ශාරීරික අභ්‍යාස පෙළපාලියට පෙනී නොසීටි බැවින් ඔහු පිළිබඳ සොයාබලා ඇති අතර ඔහු පිළිබඳව තොරතුරක් ලැබී නැහැ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සෙබළාගේ ඥාතීන් ද දැනුවත් කර තිබෙනවා.
පසුව කළ පරීක්ෂා කිරීම්වලදී අද උදෑසන ඔහුගේ මළ සිරුර යුද හමුදා කඳවුරේ පොකුණක තිබී හමුව තිබුණා.

මේ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.