― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsටින් අංකය ලබාදීමේ ගැටලු කිහිපයක්

ටින් අංකය ලබාදීමේ ගැටලු කිහිපයක්

අවුරුදු 18 ට වැඩි සියලු පුරවැසියන් සඳහා ටින් අංකයක් ලබාදීමට පියවර ගත්තද ඒ සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් පැන නැඟී ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු උපකරණ ආදිය ප්‍රමාණවත් නොවීම වැනි ගැටලු කිහිපයක් ඒ අතර වන බවයි.

මෙම ගැටලුවලට විසඳුම් ලෙස දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට පිරිස් බඳවා ගැනීමට අවසර ලබාදීම, සාධාරණ ගෙවීම් යටතේ විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන් , පුහුණු වන්නන් ලෙස බඳවා ගැනීම ඇතුළු විසඳුම් රාශියක් ලබාදීමට පියවර ගත් බවත්, ඒ අනුව බදු ලියාපදිංචිය හෝ ඒ සම්බන්ධ කිසිදු කටයුත්තක් අඩාල වීමට ඉඩ තබා නොමැති බවත් රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.

එමෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා තොරතුරු ගෙන සමූහ වශයෙන් ටින් අංකය නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ.