22.2 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක ප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්

ලෝක ප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්

ප්‍රංශයේ තැන්පත් කර ඇති ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කළ ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වෙඩි නොවදින වීදුරුවකින් එය ආවරණය කර තිබෙන නිසා සිතුවමට හානියක් වී නොමැති බවයි.

විරෝධතාවක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු විසිනුයි මෙලෙස මොනාලිසා සිතුවමට ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

මෙම කාන්තාවන් දෙදෙනා එරට කෘෂිකාර්මික පද්ධතිය දුර්වල බවටත්, ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර නොලැබෙන බවටත් චෝදනා කරමින් විරෝධතා කර තිබෙනවා.

එම සුප් ප්‍රහාරයෙන් පසු සිතුවම ඉදිරිපිට විරෝධතා දක්වමින් ඔවුන් පවසා ඇත්තේ වඩා වැදගත් වන්නේ කලාව ද? නැත්නම් සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා ඇති අයිතිය ද? යන්නයි.

කෙසේ නමුත් සිතුවම පිරිසිදු කිරීමෙන් පසු අමුත්තන්ට නැරඹීමට එය නැවත විවෘත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.