26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එයි

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවා තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ නඩුව සඳහා ඉකුත් ජනවාරි (24) වැනිදාද රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන ආ අතර කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ එම නඩුව කැඳවනු ලැබීය.

මීට වසරකට පෙර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිරගත කරනු ලැබීය.

2018 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක රූපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් මෙම නඩුව සඳහා මුල් වී තිබේ.