― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවයසට යෑම වළකන බෙහෙතක් මෙරටින් සොයා ගනී

වයසට යෑම වළකන බෙහෙතක් මෙරටින් සොයා ගනී

වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් පවසනවා.

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එය නොබෝ දිනකින් ජනතාව අතට පත්කළ හැකිවෙතැයි අපේක්ෂා කරන බවයි.

මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ස්වභාවික ශාඛසාර ආශ්‍රයෙන් වන අතර එම ඖෂධයේ ක්‍රියාකාරීත්වය වනුයේ වයසට යාම වැළැක්වීම හෙවත් කෙනකුගේ අංකමය වශයෙන් පෙනෙන වයසට වඩා අඩුවෙන් තරුණ බවට පත්වීම බවයි මහාචාර්යවරයා එහිදී පැවසුවේ.

මෙම ඖෂධය නිෂ්පාදනය සහ අත්හදා බැලීම් සඳහා ඔහු ඇතුළු කණ්ඩායමට වසර හතරකට වැඩි කාලයක් ගත වී ඇති අතර මේ වන විට එම ඖෂධයේ නිෂ්පාදන කටයුතු සියයට අනූ නමයක්ම අවසන්ව ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.