29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකැරකෙන දත්ත ගබඩාවක්: ස්මාට් ක්‍රිකට් පන්දුව හෙට අනිද්දා ජගත් පිටියට

කැරකෙන දත්ත ගබඩාවක්: ස්මාට් ක්‍රිකට් පන්දුව හෙට අනිද්දා ජගත් පිටියට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ඉලෙක්ට්‍රොනික පරිපථයක් ඇතුළත සවි කර, එහි සංවේදක මඟින් පන්දුවේ වේගය, පන්දුව කැරකෙන වට ගණන මෙන්ම පන්දුව ජනනය කරන බලය හා කැරකැවී එන ගමන් මඟේ දිශාව එසැණින් ගණනය කරගත හැකි ස්මාට් ක්‍රිකට් පන්දුව ජගත් පිටියට හෙට අනිද්දා පැමිණෙයි.

මේ නව ක්‍රිකට් පන්දුව දැන් ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහාම නිෂ්පාදිතව භාවිත කරන අතර, එම ස්මාර්ට් පන්දුව නිපදවූ කොකබුරා සමාගමේ මූලික අත්හදා බැලීමක් සේ සලකනු ලබයි.

පන්දුව තුළ ස්ථාපිත කොට ඇති ඉලෙක්ට්‍රොනික පරිපථයේ සංවේදකය මඟින් ලබා ගන්නා තොරතුරු පරිගණකයක්, ස්මාට් දුරකතනයක් හෝ ඩිජිටල් අත් ඔරලෝසුවක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි වීම විශේෂත්වයකි. මේ තොරතුරු මීටර් 150ක් පමණ දුරකට ‘බ්ලු ටූත්‘ තාක්ෂණය ඔස්සේ පහසුවෙන් ලබාගත හැකිය. පන්දුව මගින් නිකුත් කරන සියලු දත්ත තත්පර 5කදී ලබාගෙන ඊළග අවස්ථාවට යෑමේ ඉක්මණ් හැකියාව මෙහි ඇති ප්‍රබලතාවකි.

මේ පන්දුවෙන් සාමාන්‍ය ජනතාවට වැඩි සෙතක් නැති වුවද ක්‍රිකට් විශ්ලේෂකයන්ට වැඩි වාසියක් සැලසෙන අතර, පන්දුව පන්දු යවන්නාගේ අතින් මිදී පිතිකරු පහර දීම දක්වා ක්ෂණික විශ්ලේෂණයකට යෑමේ පහසුව ඔවුන්ට සැලසේ.

පන්දු යවන්නාගේ අතින් පන්දුව මුදාහරින විට වැය කරන ශක්තියද නිරීක්ෂණය කළ හැකි අතර මේ දත්ත පුහුණුකරුවන්ට ද නව මානයක් සපයනු ඇත.