― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ධුරයෙන් සමුගනී

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ධුරයෙන් සමුගනී

විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ පාර්ලිමේන්තුවේ සභා ගැබට පිවිසෙන රිදී ද්වාරය අසළදීයි. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කර අද විශ්‍රාම ගැනීමට නියමිතය.

ඒ අනුව සාම්ප්‍රදායානුකූලව අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත මෙලෙස සෙංකෝලය සහ සිය අසිපත භාරදීම සිදුවුණා. පාර්ලිමේන්තුවේ 06 වැනි වේත්‍රධාරී වන නරේන්ද්‍ර ප්‍රනාන්දු 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරයේ රාජකාරි ඉටු කළා.

මේ අනුව හෙට (31) පාර්ලිමේන්තුවේ 07 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න වැඩභාර ගැනීමට නියමිතයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීන් එක්ව සිටියා.