28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව රැකියා 50,000ක් - අජිත් රාජපක්ෂ

නව රැකියා 50,000ක් – අජිත් රාජපක්ෂ

‘සණස’ ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නව රැකියා 50000ක් නිර්මාණය වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසනවා.

අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනුයි නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කළේ.

එම නව රැකියා බිහි වූ පසු පවුල් ඒකක 200,000ක ආර්ථිකය ශක්තිමත් වනු ඇති බවයි නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ.

කෘෂිකර්මාන්තය, ධීවර, ස්වයං රැකියා, වෘත්තීය පුහුණුව, තාක්ෂණික පුහුණුව, භාෂා දැනුම, කාර්මික, පශු සම්පත්, නිශ්පාදන, ඉඩම් පරිහරණය, මානව සම්පත් සංවර්ධනය, විකල්ප බලශක්ති ක්‍ර‍මවේද, විවිධ සේවාවන් ඇතුළු ව්‍යාපෘති රැසකින් ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීමට සැලසුම් සකස් කර ‍තිබෙනවා.