― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅලුත්වැඩියා කළ සැප ලංගම බස් 17ක් යළි ධාවනයට

අලුත්වැඩියා කළ සැප ලංගම බස් 17ක් යළි ධාවනයට

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ධාවනයෙන් ඉවත් කර තිබූ සුඛෝපභෝගි බස් රථ 17 ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ එම බස් රථ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 10 කට වඩා අඩු මුදලක් වැය වී ඇති බවයි.

මෙම බස් රථ මෙරට අධිවේගී මාර්ග තුළ ධාවනය කිරීම මගින් දිනකට රුපියල් ලක්ෂයකට අධික ආදායමක් උපයා ගත හැකි බවයි ඔවුන් පවසන්නේ.