76 වැනි නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් මේ මස 4 ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසනවා.
එදින දිවයිනේ සියලු බන්ධනාගාරවල එම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එක් රැඳවියෙකු වෙනුවෙන් ඥාති හිත මිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලැබෙනවා.
සිරකරුගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ වෙවනත් පාර්සලයක් එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් ගෙනවිත් එම සිරකරුට දියයුතු බවත් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රවලට රැගෙන ඒම තහනම් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


