― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කළ අයෙක් අල්ලයි

මාතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කළ අයෙක් අල්ලයි

මාතර බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය විසි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පැවසුවේ එලෙස විසිකළ පාර්සලයේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට්ටුවක්, සිම්පතක්, ලයිටර් සහ ජංගම දුරකථන බැටරි දෙක බැගින් සහ දුම්කොළ 10 ක් සොයාගත් බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මාර්ගයේ සිට බන්ධනාගාරය තුළට යම් පාර්සලයක් විසි කර ඇති අතර එම පාර්සලය විසි කළ පුද්ගලයා රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයේ නිලධාරින් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා මාතර මූලස්ථාන පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශන ආරම්භ කර තිබෙනවා.