මෙරට 76 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය තුළ සියලු සත්ත්ව ඝාතකාගාර සහ මස් අලෙවිසැල් ලබන 4 වැනිදා වසා තැබෙන බව නාගරික කොමසාරිස්වරයා පවසනවා.
පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ දැනුම්දීමකට අනුව කල්මුණේ මහ නගර සභාව යටතේ පවතින ගව මස්, කුකුල් මස්, එළුමස් අලෙවිසැල් සහ සත්ත්ව ඝාතකාගාර එදින වසා දමන ලෙස කොමසාරිස්වරයා අදාළ පුද්ගලයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම ලිපියේ පිටපත් පොලිස් ස්ථාන වෙතද යවා ඇති බවයි වාර්තා වන්නේ.


