27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාස 14ක බිළිඳෙක් උණ වැළඳී ජීවිතක්ෂයට

මාස 14ක බිළිඳෙක් උණ වැළඳී ජීවිතක්ෂයට

යාපනයේ මාස 14 ක බිළිඳෙක් උණ රෝගය වැළඳී ඊයේ (05) ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය ශික්ෂණ රෝහල් ආරංචිමාර්ග පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, චාවකච්චේරි, ඉතිඅඩි ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 14 ක් පමණ වන රගුරාම් චන්ද්‍ර නමැති බිළිඳෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම බිළිඳා දින දෙකක් පමණ උණ රෝගයෙන් පෙළී ඇති අතර ඒ හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි බිළිඳා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර ඉන් අනතුරුව දේහය ඥාතීන්ට භාර දී තිබෙනවා.