― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනුර කුමාර හා ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

අනුර කුමාර හා ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව ඊයේ (05) පස්වරුවේ සර්දාර් පටෙල් භවන්හිදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඊයේ (05) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.