― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරාමසාන් සමයේදී රජයේ සේවක වැඩමුරවල වෙනසක්

රාමසාන් සමයේදී රජයේ සේවක වැඩමුරවල වෙනසක්

මෙවර රාමසාන් සමය මාර්තු 12 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා පැවැත්වෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත්තේ රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙසයි.

රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන් සඳහා උත්සව අත්තිකාරම් ලබා දෙන ලෙසත් එම චක්‍රලේඛයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

එමෙන්ම නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කරදෙන ලෙසයි නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.