― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsයාල කැලේ ගංජා හේනක් වටලයි

යාල කැලේ ගංජා හේනක් වටලයි

යාල ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණයෙන් කරගෙන ගිය ගංජා හේනක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් යාල ජාතික වනෝද්‍යානයේ සියඹලාණ්ඩුව කුඹුක්කන් ඔය ප්‍රදේශයේ මෙම සෝදිසි කිරීම සිදු කර ඇත්තේ.

මෙම වැටලීමේදී ගංජා ගස් 16800ක්, වියළි ගංජා කිලෝග්‍රෑම් 1658ක් සහ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සොයාගත් බවයි දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සියලුම ගංජා පැළ හා වියළි ගංජා තොගය ගිනි තබා විනාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොඨ්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.