― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 06ක මිලේ වෙනසක්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 06ක මිලේ වෙනසක්

පාරිභෝගිකයින්ට ලාභදායී ලෙස භාණ්ඩ මිලදී ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 06ක් සඳහා මීට පෙර ප්‍රකාශයට පත් කළ උපරිම තොග සහ සිල්ලර මිල සීමාවන් සංශෝධනය කර තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන ආහාර ද්‍රව්‍යවල මිල මෙලෙස සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 870 කටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 265 කටත්, ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 900 කටත්, ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑමයක් රුපියල් 320 කටත්, අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 120 කට සහ පරිප්පු කිලෝවක් රුපියල් 295 කට අලෙවි කිරීමට පියවර ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.