25.6 C
Colombo
Tuesday, December 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු නාවික හමුදාපති සජබෙට එක්වෙයි

හිටපු නාවික හමුදාපති සජබෙට එක්වෙයි

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි සමගි ජන බලවේගයට එකතු වී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සිය දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් විය.

සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායකවරයා විසින් ඔහුව සමගි ජන බලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගත්තේය.