― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකිලිනොච්චියේ කොහු මෝලක ගින්නක්

කිලිනොච්චියේ කොහු මෝලක ගින්නක්

කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි කොහු මෝලක් ඊයේ (07) සවස ගිනිගෙන විනාශ වී තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසුවේ හදිසියේ ඇති වූ ගින්නකින් කොහු මෝල ගිනිගෙන විනාශ වී ඇති අතර කොහු මෝලේ පැවති කොහුබත් ඇතුළු උපකරණ රැසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි.

කරච්චි ප්‍රාදේශීය සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගින්නෙන් රුපියල් ලක්ෂ 35 ක පමණ උපකරණ විනාශ වී ඇති බවයි.

ගින්නට හේතුව සොයා කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.