― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් විනාශ කෙරේ

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් විනාශ කෙරේ

මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි කහ, සහල්, පරිප්පු හා කොත්තමල්ලි ඇතුළු ආහාර තොගයල් ඊයේ (07) සවස විනාශ කර තිබෙනවා.

වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ මෙම ආහාර තොගය විනාශ කර ඇති අතර මේවායේ වටිනාකම රුපියල් කෝටි හතරක පමණ වන බවයි තක්සේරු කර ඇත්තේ.

ජා ඇල ප්‍රදේශයේ ගබඩාවක සිට උතුරු පළාතට ප්‍රවාහනය කරමින් තිබූ අදාළ වියළි කහ, සහල්, පරිප්පු හා කොත්තමල්ලි තොගය වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණුආ.

ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම වෙනුවෙන් කිසියම් විෂ රසායන ද්‍රව්‍යයක් යොදාගෙන ඇති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් තහවුරු කිරීමෙන් අනතුරුව ආහාර ද්‍රව්‍ය තොගය විනාශ කිරීමට අධිකරණය නියෝග කළා.

අත්අඩංගුවට ගත් ආහාර ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති අතර මේවා ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

වවුනියාව පොම්පෙමඩුව ප්‍රදේශයේ පිහිටි අපද්‍රව්‍ය විනාශ කිරීමේ ස්ථානයේදී ආහාර ද්‍රව්‍ය තොගය විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.