27.2 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙළෙඳසැලක් කොල්ල කෑ 05ක් අත්අඩංගුවට

වෙළෙඳසැලක් කොල්ල කෑ 05ක් අත්අඩංගුවට

වෙළෙඳසැලක් බිඳ රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් දහසක් කොල්ල කෑ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 05 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එලෙස කොල්ලකන ලද මුදල්වලින් කොටසක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් අදාළ වෙළෙඳසැලට ඇතුළු වී එහි තිබූ මුදලක් මෙලෙස කොල්ලකා ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.