32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් නැවතුමේදී මත් ලෝලියෙක් කරගත් අපරාධය

බස් නැවතුමේදී මත් ලෝලියෙක් කරගත් අපරාධය

කුරුණෑගල බස් නැවතුම්පොළේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් පිහි තලයකින් ගෙල කපාගෙන තිබෙනවා.

මොහු දීර්ඝ කාලයක සිට අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහි වී සිටි අයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මොහු ඊයේ (07) මත්ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කුරුණෑගල බස් නැවතුම්පොළේදී පිහි තලයකින් (බෙල්ල සහ පපුව පෙදෙස) කපාගෙන තුවාල සිදු කරගෙන තිබෙනවා.

තුවාල ලැබූ සැකකරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රොහල්ගත කර ඇත්තේ සුමංගල මාවත, කුරුණෑගල ලිපිනයේ පදිංචි හෙට්ටියා කන්දගේ මිල්රෝයි ප්‍රනාන්දු නැමැත්තෙකි.