27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පෙති තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

මත්පෙති තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

නීතිවිරෝධී මත්පෙති අලෙවි කරමින් සිටි කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

මන්නාරම ශිලාවතුර, නානාට්ටාන් ප්‍රදේශයේදීයි ඊයේ (07) මත්පෙති 1200 ක් සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23 සහ 48 යන වයස්හි පසුවන නානාට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

වයඹ නාවික විධානයට අයත් නිලධාරීණ් පිරිසක් සහ මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය ඒක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු කාන්තාවක් පරික්ෂා කිරීමේදී එම කාන්තාව සඟවාගෙන සිටි මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා.

අදාල කන්තාවට මත්පෙති සැපයූ බව කියන තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු දිවයිනේ විවිධ ප්‍රදේශවලට මෙම මත්පෙති රැගෙන ගොස් අධික මිල ගණන්වලට විකිණීමට සැලසුම් කොට තිබූ බවයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගන ආ මෙම මත්පෙති තොගය කැළෑවක සඟවා තිබියදීයි සොයාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්පෙති තොගය ශිලාවතුර පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.