― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

2023 අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 1450 සිට රුපියල් 2000ක් දක්වා වැඩි කළ දීමනාව 2024 උසස් පෙළ විභාගයේ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා ද ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන ප්‍රධාන පාලක පරීක්ෂකවරුන්, සම පාලක පරීක්ෂකවරුන්, ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන් සඳහා සමස්ත කාර්ය වෙනුවෙන් මෙම දීමනාව ලබාදෙනු ලබනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 උසස් පෙළ විභාගයේ ඇගයීම් කාර්ය මණ්ඩල සඳහා ඉහත සඳහන් සංශෝධිත දීමනාවන් ගෙවීමට නියමිතය.