― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබදුලු ඔයට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

බදුලු ඔයට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

බදුලු ඔයට ඇද වැටීමෙන් කාන්තාවක් අද (08) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුනිට් 4 /බී /66, බදුලුඔය, කන්දකැටිය ලිපිනයේ පදිංචි 72 හැවිරිදි බී.එම්. සෝමාවතී නැමැති තිදරු මවක් බවයි.

ඇයගේ පවුලේ අය විසින් කන්දකැටිය, පුවක්කොටුව යාය ප්‍රදේශයේ වගා කර ඇති බඩඉරිඟු වගාවක අස්වැන්න ⁣නෙලීම අද සිදු කර තිබෙනවා.

ඔවුන් සඳහා දහවල් ආහාරය රැගෙන බදුලු ඔය හරහා ගමන් කිරීමට දමා තිබූ ඒදණ්ඩකින් ගමන් කරමින් සිටියදීයි ඇය මෙලෙස ඔයට ඇද වැටී ඇත්තේ.

ඔයට වැටුණු කාන්තාව දිය පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර පොලිසිය හා ගම්වාසීන් ඇය සොයා සිදුකළ පරික්ෂාවකදී ඔයේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ දුරක තිබීඉ මෙම කාන්තාවගේ සිරුර හමුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඇය ඒ වනවිටත් මියගොස් සිටි බවයි.