― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරාම් කෝවිල වඳින්න නාමල් ඉන්දියා යයි

රාම් කෝවිල වඳින්න නාමල් ඉන්දියා යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේ, අයෝධ්‍යාවේ ඉදි කළ රාම් කෝවිල වැඳ පුදා ගැනීම සඳහා ඉන්දියාවට යාමට නියමිතය.

විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසන්නේ මන්ත්‍රීවරයා දෙදින සංචාරයක් සඳහා අද (09) දිනයේදී ඉන්දියාව බලා පිටත්ව යන බවයි.

ඒ අනුව අද සවස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන්ම රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළදී, පෞද්ගලික මට්ටමින් එරට විවිධ පුද්ගලයින් හමුවීමට බලාපොරොත්තු වනු ඇති.