― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsAccidentරත්නපුරයේ රිය අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

රත්නපුරයේ රිය අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

රත්නපුර නවනගරය ප්‍රදේශයේදී ඊයේ (11) සිදු වූ රිය අනතුරකින් යතුරුපැදි⁣යක ගමන් ගත් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම රිය අනතුරෙන් තවත් හතර දෙනෙකු බරපතළ තුවාල ලබා රත්නපුර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරිඳු ගවේෂන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය සඳහන් කළේ අධික වේගයකින් පැමිණි මෝටර් රථයක් යතුරු පැදි කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කුරුවිට සිට රත්නපුර දෙසට අධික වේගයකින් ධාවනය වූ මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරු පැදි තුනක ගැටී තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරුවන් පස් දෙනා රත්නපුර මහා රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුවයි එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ පැමිණි පිරිස මෝටර් රථය දමා පලා ගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබන්වාඅ.